Wednesday, 15 December 2010

මවුබිම මුදාගත් රණවිරුවන්ට ජනපති සම්මාන නැඟෙනහිර මෙහෙයුම් පදක්කම 197776කට උතුරු මෙහෙයුම් පදක්කම 282830කට ප්‍රායෝගික මෙහෙයුමට එක්වූ 172641කට සන්ධාර සම්මාන


රුදුරු කොටි ත්‍රස්තවාදය පරාජය කර මවුබිම එක්සේසත් කරලීමේ මානුෂීය මෙහෙයුමට දායක වූ අභීත හෙළ විරුවෝ “නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, “උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම” සහ සන්ධාරවලින් පිදුම් ලබති.දිවි පරදුවට තබා දේශය වෙනුවෙන් කළ විශිෂ්ට මෙහෙවර අගයා සේනාධිනායක , ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (14) පිරිනැමුණු පදක්කම්වලින් රණවිරුවන්ගේ නිල කබා හැඩ විණි.

නැඟෙනහිර මානුෂීය මෙහෙයුමට දායක වූ යුද , ගුවන්, නාවික , පොලිස් විරුවන් සහ වෙනත් අය 197776 දෙනෙක් “නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කමෙන්” පිදුම් ලැබූ අතර මෙහෙයුමට ප්‍රායෝගිකව එක් වූ 42260 දෙනෙක් සන්ධාරයෙන්ද පිදුම් ලැබූහ.

උතුරු මානුෂීය මෙහෙයුමට දායක වූ යුද, ගුවන්, නාවික , පොලිස් විරුවන් සහ වෙනත් අය 282830 දෙනෙක් සහ මෙහෙයුමට ප්‍රායෝගිකව එක් වූ 130891 දෙනෙක් ද එම සන්ධාරයෙන් ද පිදුම් ලැබූහ. ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව , පොලිසිය සහ වෙනත් පුද්ගලයන් වෙත මේ පදක්කම් සහ සන්ධාර පැළැඳවීමේ අභිමානවත් උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණි.

නැගෙනහිර සහ උතුරු පළාත් ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම්වලදී එක් වූ යුද, ගුවන්, නාවික හමුදා සහ පොලීසියේ ස්ථිර සහ ස්වේච්ඡා බල සේනාවන්හි සියලු නිල දරන්නන් සහ වෙනත් අයට විශේෂ පදක්කමක් පිරිනැමිය යුතු බවට සේනාධිනායකයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයක් අනුව මේ පදක්කම් පිරිනැමිණි.

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අස්සනින් යුක්තව 2010 ජනවාරි මස 05 වන දින නිකුත් කරන ලද අංක 1635/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව මේ පදක්කම් නම් කර ඇත. රාජ්‍ය ලාංඡනය සහ මාවිල් ආරු සොරොව්ව එක් පසෙක නිරූපිත “නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කමේ” මානුෂිකත්වය යන පාඨය සිංහලෙන් දක්වා ඇත.

එහි අනෙක් පස යුද , ගුවන්, නාවික හමුදාවන්හි ලාංඡන සමඟ ‘මානුෂිකත්වය’ යන සිංහල පාඨය දක්වා තිබේ. නැඟෙනහිර පළාත් ධජයේ වර්ණයෙන් හා ඒ ඒ සන්නද්ධ සේවයේ වර්ණයෙන් යුතු පීත්ත පටියකින් යුත් මේ පදක්කම පිරිනැමෙන්නේ 2006 - 07 - 28 දින සිට 2007 - 07 - 10 දින දක්වා වූ නැගෙනහිර මානුෂීය මෙහෙයුමට දායක වූවන්ටය.මෙහෙයුමට ප්‍රායෝගිකව දායක වූවෝ සන්ධාරවලින් පිදුම් ලැබූහ.

දේශ පුත්‍ර සම්මානයට ඉක්බිතිව පැළඳවෙන මේ පදක්කම හෝ සන්ධාරය අවලංගු කිරීම සහ නැවත ලබා දීමේ බලතල සේනාධිනායකයා ලෙසින් ජනාධිපතිවරයා සතු වේ. 2007 පෙබරවාරි මස 26 දින සිට 2009 මැයි මස 18 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරුණු උතුරු පළාත මුදා ගැනීමේ මානුෂීය මෙහෙවරට දායක වූ යුද, ගුවන්, නාවික පොලිස් සියලු නිල දරන්නෝ සහ වෙනත් අය “උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම” සන්ධාරයට හිමිකම් කියති.
ශ්‍රී ලංකාවේ කටු සිතියමක් සහ රාජ්‍ය ලාංඡනය එක් පසෙකත් යුද, ගුවන්, නාවික ලාංඡන අනෙක් පසෙත් සඳහන් කොට ඇති මේ පදක්කමේ “අභිමානය” යන්න සිංහලෙන් සටහන් කොට තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ උදෑසන 10.40 ට මේ අභිමානවත් උළෙල ඇරැඹිණි.

මාතෘභූමිය වෙනුවෙන් දිවි පුද කළ අභීත රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම පිළිබඳ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල් එම්.ඒ.ඒ.ජේ.කුලරත්න ප්‍රකාශයට පත් කෙළේ ය. උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම පිළිබඳ ගැසට් පත්‍රය නාවික හමුදාවේ කපිතාන් එම්.එම්.ආර්. ඒ.සෙනරත් ප්‍රකාශයට පත් කිරීමෙන් ඉක්බිතිව පදක්කම් ප්‍රදානය ඇරැඹිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ප්‍රථම “නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම “ පැළඳවිණි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ, පොලිස්පති මහින්ද බාලසූරිය මහත්වරු වෙත අනතුරුව පදක්කම් පැළඳවිණි.

සංකේතාත්මක පදක්කම් පැළඳවීම අරඹමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ, බ්‍රිගේඩියර් එස්.ටී.ටී. ලියනගේ, කර්නල් එස්.ඒ.ඒ. ඩී. ගුණවර්ධන වෙත පදක්කම් පළඳවන ලදී. අනතුරුව යුද හමුදාව වෙත උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් පිරිනැමිණ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩී.ඩබ්ලිව්.ඊ.එස්.දිසානායක, රියර් අද්මිරාල් එස්.එම්.බී. වීරසේකර, රියර් අද්මිරාල් යූ.එස්.කේ.කොළඹගේ ඇතුළු නිලධාරින් හා සෙසු නිලයෝද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් පී.පී.බී.ප්‍රේමචන්ද්‍ර, එච්.ඩී. අබේවික්‍රම ඇතුළු නිලධාරිහු සහ සෙසු නිලයන් ජනාධිපතිවරයා අතින් පදක්කම් පළඳවා ගත්හ.

ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.ඩී.ගුණතිලක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩන්කන් පෝල් මහත්වරුන්ටද නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් පිරිනැමුණු අතර ඊට සමගාමීව ඒ ඒ හමුදාවලට උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් පැළැඳවිණි.

අනතුරුව අගමැති දි.මු. ජයරත්න මහතා පදක්කම් පැළැඳවීමට එක් විය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා උතුරු සහ නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ප්‍රදානයට එක් වූ මේ අභිමානවත් උළෙල ජාතික ගීය ගායනා කරමින් අවසන් කෙරිණි.මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

Tuesday, 30 November 2010

ශ්‍රී ලංකාවේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා

පාකිස්තාන විදේශ ඇමැති

තම රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා ඒ වෙනුවෙන් යොදා ගත් ශිල්පීය ක්‍රම ප්‍රයෝජනයට ගන්නා බව පාකිස්තානය පවසයි.

ත්‍රස්තවාදයේ ප්‍රතිඵල පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුවන අතර කෙසේ හෝ එය නිමා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පාකිස්තාන විදේශ කටයුතු ඇමැති මක්දුම් ෂාග් මහමුද් කුරෙෂි මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ කොළඹ දී ඊයේ (නොවැම්බර් 29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ලෝකයේ ඉහළම ස්ථානයක සිටින බව පෙන්වා දෙන පාකිස්තාන විදේශ ඇමැතිවරයා තම රටේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ පුහුණුවීම් හා ශිල්පීය ක්‍රම ප්‍රයෝජනයට ගැනීමට පියවර ගන්නා බව කීවේය.

විවිධ අපහසුතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙන බවත් ඒ වෙනුවෙන් නායකත්වය දුන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තම ප්‍රණාමය පිරිනමන බවත් කී ඒ මහතා යුද්ධය අවසන් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා දෙරටේ සහයෝගිතාවය හා මිත්‍රත්වය වඩා හොඳින් ප්‍රයෝජනයට ගත හැකි බවද ප්‍රකාශ කළේය. ආර්ථික දියුණුව ඇති කර ගැනීම සඳහා දෙරටේ අවධානය යොමුවිය යුතු බව කී මහමුද් කුරෙෂි මහතා භාණ්ඩ හුවමාරු ක්‍රමයකට අවධානය යොමු කරමින් රටවල් දෙක අතර සීනි, සිමෙන්ති, තේ හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කෙළේය.

තවද ඒ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තිබෙන සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් ලෙස අවම මිල ගණන්වලට ශ්‍රී ලාංකීය ජනයාට සීනි මිලදී ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම අපේක්ෂාව බවයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගු කලක සිට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන බව සිහිපත් කළ පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට හැකි සෑම අයුරින්ම සහයෝගය ලබාදෙන බව කියා සිටියේය. ශ්‍රී ලංකාවට පැමිණි තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දි. මු. ජයරත්න, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරුන් සමඟ ඵලදායි සාකච්ඡාවල නිරත වූ බව කී ඒ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරැඹීමටද අවස්ථාව ලැබුණු බව ප්‍රකාශ කළේය.

තවද ඒ මහතා පෙන්වා දුන්නේ ආර්ථික අතින් සංවර්ධනය කරා යන ගමනේ දී ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන ඉතා වැදගත් වන අතර ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවයි.

මේ අතර පාකිස්තානයේ පුද්ගලික අංශයේ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවද කී පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිනපතාම ක්‍රියාත්මක ගුවන් සේවයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව කියා සිටියේය.

දිනමිණ ඇසුරෙනි

Friday, 26 November 2010

දිවිපිදු රණවිරුවන් ගේ ඥාතින් සඳහා උත්තම පූජා ප්‍රණාම පදක්කම ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්






තිස් වසරක පුරා ත්‍රස්තවාදින්ට විරුද්ධව ගෙනගිය යුද්දයේදි, රට වෙනුවෙන් දිවි පිදු මහනුවර දිස්ත්‍රික්කයේ යුද, නාවික, ගුවන් හමුදා හා පොලිසියේ රණවිරුවන්ගේ පවුල් සඳහා උත්තම පුජා ප්‍රණාම පදක්කම් පිළිගැන්වීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 26) දින සිදුවිය.

ආරක්ෂක අමාත්‍යංශය හා රණවිරු සේවා අධිකාරිය එකාබද්ධව සිදුකරනු ලබන මෙම සත්කාරය ජාතික වීරවරයකුවන විර කැප්පෙටිටිපොල සැමරුම් දිනයේ මහනුවර පල්ලේකැලේ පිහිටි පළවන රජරට රයිෆල් බළකායේ දි පවත්වනු ලැබිය.

මෙම පදක්කමෙන් පුදනු ලැබුවේ යුද සමය තුල අතුරුදහන්වූ හා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ දෙමාපියන් හා පවුලේ සමාජිකයන්ය. අහිමිව තිබු නිදහස නැවත ලබදිම සඳහා ඔවුන් කල කැපවිම මෙහිදි අගය කරණු ලැබිය.

වසර 30 පුරා ඔවුන් කරනලද අතිවිශාල කැපකිරිම කිසිදා අමතක නොකරන බව මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකමිවරයා ප්‍රකාශකර සිටියේය.

අනතුරුව පිරිස අතරට පිවිසි ලේකම්වරයා ඔවුන් ගේ ගැටලු වලටද සවන් දිමට කටයුතු කරන ලදි.

රණවිරු අධිකාරි‍යේ සභාපතිනිය පද්මා වැත්තෑව, මේජර් ජෙනරාල් ලලිත් දවුල්ගල, මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ඇතුලු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවිය.

Thursday, 25 November 2010

ලෙබනන්හි සාමසාධක කටයුතුවලට ශ්‍රී ලංකා යුද හමුදා බලඇණියක් ප්‍රථමවතාවට එක්වේ




එක්සත් ජාතින්ගේ සාමසාධක කටයුතු සඳහා සිය සෙබලුන් යවන හමුදාවක් වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රථම වතාවට ලෙබනන් රාජ්‍යයේ සාමසාධක කටයුතු සඳහා ද 150 දෙනෙකුගෙන් යුත් යුද හමුදා බලඇණියක් යැවීමට අවැසි සියලු කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.

ප්‍රථම වතාවට ලෙබනනයට පිටත්ව යන මෙම බලඇණියේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් එච්.එම්.එස්. හේරත් මහතායි. මෙම බලඇණියට ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙක් සහ සෙසු නිලයින් 91 දෙනෙක් ද ඔවුන්ට සහාය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසු නිලයින් 39 දෙනෙක් ඇතුලත් ‍ෙවති. විශේෂ බලකායේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, සංඥා බලකායේ, යුද හමුදා පොලීසියේ, ඉංජිනේරු රෙජිමේන්තුවේ, වෛද්‍ය බලකායේ, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ, යුධෝපකරණ බලකායේ, පොදු සේවා බලකායේ සෙබලුන් සහ ස්නයිපර්කරුවන් (සැඟවුනු වෙඩික්කරුවන්) මෙයට අයත් වේ.

පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සරඹ පිටියේ දී ලෙබනන් රාජකාරී සඳහා පිටත් යෑමට නියමිත මෙම නිලධාරින් 10 දෙනෙක් සහ සෙසු නිලයින් 140 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය සති අන්තයේ දි පැවැත්විනි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් මහතා මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා‍ ලෙස සහභාගී වූවේය.

අනුග්‍රහය : යුද හමුදා මාධ්‍ය ඒකකය

යාපන ආඥාපතිට ජගත් සම්මානයක්

යාපනය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ගත් උත්සාහයට යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා “ගුෂී” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි. “ගුෂී” ජාත්‍යන්තර පදනමේ එම සම්මානයට දකුණු ආසියාවෙන් තේරුන එකම පුද්ගලයා ජෙනරාල් හතුරුසිංහයි.

මෙම 27 වැනිදා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන උත්සවයකදී මහින්ද හතුරුසිංහ මහතාට එම සම්මානය පිරිනැමීමට නියමිතය. පිලීපීන ජනාධිපතිවරයා ඇතුළු එරට සහ ජාත්‍යන්තර ප්‍රභූවරු රැසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්වෙයි. විවිධ අංශ සඳහා තෝරාගත් 18 දෙනකුට එහිදී සම්මාන පිරිනැමේ.

උතුරු ත්‍රස්තවාදී ගැටුම් අවසන් වන විට ඉතාමත් කටුක ජීවිතයක් ගෙවමින් සිටි යාපනයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාවේ භට පිරිස්වල සහාය ඇතිව මේජර් ජෙනරාල් හතුරුසිංහ මහතා කරගෙන ගිය වැඩපිළිවෙළ අද මෙසේ ජාත්‍යන්තර ඇගයීමට ලක්වී ඇත.

දිනමිණ ඇසුරෙනි

Sunday, 25 July 2010

ශ්‍රී ලංකාවේ මුල්‍ය අවශ්‍යතාවන්ට ලෝක බැංකුවේ ධනාත්මක ප්‍රතිචාර

ලෝක බැංකුවේ දකුනු ආසියානු කලාපය භාර නියෝජ්‍ය සභාපතිනී ඉසඛෙල් ගුඉරෝ මැතිණිය සහ එහි ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියොජිත නඔකෝ ඉෂි මහත්මිය පසුගිය සිකුරාදා (23) පෙරවරුවේ ජනාධිපති මන්දීරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුනගැසිනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ලෝක බැංකුව ලබාදෙන සහය සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර පශ්චාත් යුද ප්‍රතිසංස්කරන වැඩ පිලිවෙල පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා ලෝක බැංකුවෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය.

ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘතින් හී ප්‍රගතිය විමර්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය සභාපතිනිය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. ඇය දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉසඛෙල් මහත්මිය අද දිනයේ මන්නාරම සහ කිළිනොච්චියේ ක්‍රියාත්මක වන ලෝක බැංකු ව්‍යාපෘතින් කිහිපයක් අධීක්ෂණය කිරීමට ද ගියාය.

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක බැංකවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය මගින් පමණක් සංවර්ධන අරමුදල් ලබාගන්නා අතර එහි ක්‍රියාකාරිත්වය තවදුරටත් ඉහල නැංවීම කෙරෙහි මෙහිදි අවධානය යොමුවිය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය

Saturday, 24 July 2010

SLAF fire fighters in a fire evacuation drill ...









SLAF fire fighters carry out fire evacuation drill yesterday (23rd July) at the Sri Lanka Insurance building Vauxhall Street, Colombo - 02.

This exercise was conducted to introduce the occupants of the building to the processes at hand in case of a fire and to familiarize the Fire fighters with the Insurance Corporation building whilst honing their skills. During the exercise personnel inside the building were evacuated using three processes according to the situation and also considering the height.

Fire vehicles aerial ladder platform and rope rescue systems were adopt to bring down the employees from the top floors whilst others on the lower floors jumped on to a platform known as a "jumping sheet". The Fire fighters took only 30 minutes to terminate the fire and to evacuate the whole building.