ලෝක බැංකුවේ දකුනු ආසියානු කලාපය භාර නියෝජ්‍ය සභාපතිනී ඉසඛෙල් ගුඉරෝ මැතිණිය සහ එහි ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියොජිත නඔකෝ ඉෂි මහත්මිය පසුගිය සිකුරාදා (23) පෙරවරුවේ ජනාධිපති මන්දීරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුනගැසිනි. මෙහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ලෝක බැංකුව ලබාදෙන සහය සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර පශ්චාත් යුද ප්‍රතිසංස්කරන වැඩ පිලිවෙල පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා ලෝක බැංකුවෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය.
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘතින් හී ප්‍රගතිය විමර්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය සභාපතිනිය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. ඇය දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉසඛෙල් මහත්මිය අද දිනයේ මන්නාරම සහ කිළිනොච්චියේ ක්‍රියාත්මක වන ලෝක බැංකු ව්‍යාපෘතින් කිහිපයක් අධීක්ෂණය කිරීමට ද ගියාය.
ශ්‍රී ලංකාව මේ වන විට ලෝක බැංකවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය මගින් පමණක් සංවර්ධන අරමුදල් ලබාගන්නා අතර එහි ක්‍රියාකාරිත්වය තවදුරටත් ඉහල නැංවීම කෙරෙහි මෙහිදි අවධානය යොමුවිය.
අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය





