FORMULATION and execution of strategies with regard to defence and safeguarding territorial integrity and sovereignty of Sri Lanka.
Tuesday, 30 November 2010
ශ්‍රී ලංකාවේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා
තම රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා ඒ වෙනුවෙන් යොදා ගත් ශිල්පීය ක්‍රම ප්‍රයෝජනයට ගන්නා බව පාකිස්තානය පවසයි.
ත්‍රස්තවාදයේ ප්‍රතිඵල පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුවන අතර කෙසේ හෝ එය නිමා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පාකිස්තාන විදේශ කටයුතු ඇමැති මක්දුම් ෂාග් මහමුද් කුරෙෂි මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ කොළඹ දී ඊයේ (නොවැම්බර් 29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ලෝකයේ ඉහළම ස්ථානයක සිටින බව පෙන්වා දෙන පාකිස්තාන විදේශ ඇමැතිවරයා තම රටේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ පුහුණුවීම් හා ශිල්පීය ක්‍රම ප්‍රයෝජනයට ගැනීමට පියවර ගන්නා බව කීවේය.
විවිධ අපහසුතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙන බවත් ඒ වෙනුවෙන් නායකත්වය දුන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තම ප්‍රණාමය පිරිනමන බවත් කී ඒ මහතා යුද්ධය අවසන් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා දෙරටේ සහයෝගිතාවය හා මිත්‍රත්වය වඩා හොඳින් ප්‍රයෝජනයට ගත හැකි බවද ප්‍රකාශ කළේය. ආර්ථික දියුණුව ඇති කර ගැනීම සඳහා දෙරටේ අවධානය යොමුවිය යුතු බව කී මහමුද් කුරෙෂි මහතා භාණ්ඩ හුවමාරු ක්‍රමයකට අවධානය යොමු කරමින් රටවල් දෙක අතර සීනි, සිමෙන්ති, තේ හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කෙළේය.
තවද ඒ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තිබෙන සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් ලෙස අවම මිල ගණන්වලට ශ්‍රී ලාංකීය ජනයාට සීනි මිලදී ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම අපේක්ෂාව බවයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගු කලක සිට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරන බව සිහිපත් කළ පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට හැකි සෑම අයුරින්ම සහයෝගය ලබාදෙන බව කියා සිටියේය. ශ්‍රී ලංකාවට පැමිණි තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දි. මු. ජයරත්න, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරුන් සමඟ ඵලදායි සාකච්ඡාවල නිරත වූ බව කී ඒ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරැඹීමටද අවස්ථාව ලැබුණු බව ප්‍රකාශ කළේය.
තවද ඒ මහතා පෙන්වා දුන්නේ ආර්ථික අතින් සංවර්ධනය කරා යන ගමනේ දී ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන ඉතා වැදගත් වන අතර ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවයි.
මේ අතර පාකිස්තානයේ පුද්ගලික අංශයේ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවද කී පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිනපතාම ක්‍රියාත්මක ගුවන් සේවයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව කියා සිටියේය.
දිනමිණ ඇසුරෙනි
Friday, 26 November 2010
දිවිපිදු රණවිරුවන් ගේ ඥාතින් සඳහා උත්තම පූජා ප්‍රණාම පදක්කම ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්





තිස් වසරක පුරා ත්‍රස්තවාදින්ට විරුද්ධව ගෙනගිය යුද්දයේදි, රට වෙනුවෙන් දිවි පිදු මහනුවර දිස්ත්‍රික්කයේ යුද, නාවික, ගුවන් හමුදා හා පොලිසියේ රණවිරුවන්ගේ පවුල් සඳහා උත්තම පුජා ප්‍රණාම පදක්කම් පිළිගැන්වීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 26) දින සිදුවිය.
ආරක්ෂක අමාත්‍යංශය හා රණවිරු සේවා අධිකාරිය එකාබද්ධව සිදුකරනු ලබන මෙම සත්කාරය ජාතික වීරවරයකුවන විර කැප්පෙටිටිපොල සැමරුම් දිනයේ මහනුවර පල්ලේකැලේ පිහිටි පළවන රජරට රයිෆල් බළකායේ දි පවත්වනු ලැබිය.
මෙම පදක්කමෙන් පුදනු ලැබුවේ යුද සමය තුල අතුරුදහන්වූ හා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ දෙමාපියන් හා පවුලේ සමාජිකයන්ය. අහිමිව තිබු නිදහස නැවත ලබදිම සඳහා ඔවුන් කල කැපවිම මෙහිදි අගය කරණු ලැබිය.
වසර 30 පුරා ඔවුන් කරනලද අතිවිශාල කැපකිරිම කිසිදා අමතක නොකරන බව මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකමිවරයා ප්‍රකාශකර සිටියේය.
අනතුරුව පිරිස අතරට පිවිසි ලේකම්වරයා ඔවුන් ගේ ගැටලු වලටද සවන් දිමට කටයුතු කරන ලදි.
රණවිරු අධිකාරියේ සභාපතිනිය පද්මා වැත්තෑව, මේජර් ජෙනරාල් ලලිත් දවුල්ගල, මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ඇතුලු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවිය.
Thursday, 25 November 2010
ලෙබනන්හි සාමසාධක කටයුතුවලට ශ්‍රී ලංකා යුද හමුදා බලඇණියක් ප්‍රථමවතාවට එක්වේ

එක්සත් ජාතින්ගේ සාමසාධක කටයුතු සඳහා සිය සෙබලුන් යවන හමුදාවක් වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රථම වතාවට ලෙබනන් රාජ්‍යයේ සාමසාධක කටයුතු සඳහා ද 150 දෙනෙකුගෙන් යුත් යුද හමුදා බලඇණියක් යැවීමට අවැසි සියලු කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.
ප්‍රථම වතාවට ලෙබනනයට පිටත්ව යන මෙම බලඇණියේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් එච්.එම්.එස්. හේරත් මහතායි. මෙම බලඇණියට ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙක් සහ සෙසු නිලයින් 91 දෙනෙක් ද ඔවුන්ට සහාය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසු නිලයින් 39 දෙනෙක් ඇතුලත් ෙවති. විශේෂ බලකායේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, සංඥා බලකායේ, යුද හමුදා පොලීසියේ, ඉංජිනේරු රෙජිමේන්තුවේ, වෛද්‍ය බලකායේ, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ, යුධෝපකරණ බලකායේ, පොදු සේවා බලකායේ සෙබලුන් සහ ස්නයිපර්කරුවන්
(සැඟවුනු වෙඩික්කරුවන්) මෙයට අයත් වේ.
පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සරඹ පිටියේ දී ලෙබනන් රාජකාරී සඳහා පිටත් යෑමට නියමිත මෙම නිලධාරින් 10 දෙනෙක් සහ සෙසු නිලයින් 140 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය සති අන්තයේ දි පැවැත්විනි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ
අධිපති මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් මහතා මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවේය.
යුද හමුදා මාධ්‍ය ඒකකය
යාපන ආඥාපතිට ජගත් සම්මානයක්
යාපනය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ගත් උත්සාහයට යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා “ගුෂී” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි. “ගුෂී” ජාත්‍යන්තර පදනමේ එම සම්මානයට දකුණු ආසියාවෙන් තේරුන එකම පුද්ගලයා ජෙනරාල් හතුරුසිංහයි.
මෙම 27 වැනිදා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන උත්සවයකදී මහින්ද හතුරුසිංහ මහතාට එම සම්මානය පිරිනැමීමට නියමිතය. පිලීපීන ජනාධිපතිවරයා ඇතුළු එරට සහ ජාත්‍යන්තර ප්‍රභූවරු රැසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්වෙයි. විවිධ අංශ සඳහා තෝරාගත් 18 දෙනකුට එහිදී සම්මාන පිරිනැමේ.
උතුරු ත්‍රස්තවාදී ගැටුම් අවසන් වන විට ඉතාමත් කටුක ජීවිතයක් ගෙවමින් සිටි යාපනයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාවේ භට පිරිස්වල සහාය ඇතිව මේජර් ජෙනරාල් හතුරුසිංහ මහතා කරගෙන ගිය වැඩපිළිවෙළ අද මෙසේ ජාත්‍යන්තර ඇගයීමට ලක්වී ඇත.
දිනමිණ ඇසුරෙනි