Thursday, 25 November 2010

යාපන ආඥාපතිට ජගත් සම්මානයක්

යාපනය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ගත් උත්සාහයට යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා “ගුෂී” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි. “ගුෂී” ජාත්‍යන්තර පදනමේ එම සම්මානයට දකුණු ආසියාවෙන් තේරුන එකම පුද්ගලයා ජෙනරාල් හතුරුසිංහයි.

මෙම 27 වැනිදා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන උත්සවයකදී මහින්ද හතුරුසිංහ මහතාට එම සම්මානය පිරිනැමීමට නියමිතය. පිලීපීන ජනාධිපතිවරයා ඇතුළු එරට සහ ජාත්‍යන්තර ප්‍රභූවරු රැසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්වෙයි. විවිධ අංශ සඳහා තෝරාගත් 18 දෙනකුට එහිදී සම්මාන පිරිනැමේ.

උතුරු ත්‍රස්තවාදී ගැටුම් අවසන් වන විට ඉතාමත් කටුක ජීවිතයක් ගෙවමින් සිටි යාපනයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාවේ භට පිරිස්වල සහාය ඇතිව මේජර් ජෙනරාල් හතුරුසිංහ මහතා කරගෙන ගිය වැඩපිළිවෙළ අද මෙසේ ජාත්‍යන්තර ඇගයීමට ලක්වී ඇත.

දිනමිණ ඇසුරෙනි

No comments:

Post a Comment