අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 63 වන නිදහස් දින උත්සවය පෙබරවාරි මස 04 දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් ව පවතී.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ පළමුවරට ඌව පලාතේ පවත්වනු ලබන ජාතික දින උළෙල දැක බලා ගැනීමට පැමිණෙන සියලු දෙනාටම පහසුකම් සලසා ඇති බවයි.
ඒ අනුව, සියලුම දිස්ත්‍රීක්ක වල සිට පොදු ප්‍රවාහන සේවා මගින් ජනතාවට කතරගමට ළගාවීමට පහසුකම් සලසා ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
3000 කට අධික යුද, නාවික, ගුවන් හමුදාත් පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයිනුත් මෙම 64 වන නිදහස් දින පෙළපාලියට පසුව පවත්වනු ලබන සංස්කෘතික සංදර්ශණයට සහභාගී වන බවත් දිවයිනේ සියලුම දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් කලාකරුවන් 1400 ක් පමණ මෙවර නිදහස් දින සංදර්ශණයට සහභාගී වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේය.
No comments:
Post a Comment