Thursday, 10 March 2011

ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග - 2011 මාර්තු මස 10 දින

උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් බදාද‍ා (09) දින මාන්තෙයි, කරුවල්පුලියන්කුලම්, මොණරවැව සහ කුලමුරිප්පු යන ප්‍ර‍ෙද්ශවල සිදුකළ සෝදිසි මෙහෙයුමක දී පුද්ගලනාශක බෝම්බ 13 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සහ ක්ලේමෝ බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

මේ අතර, එදිනම (09) බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් නාවත්කුලම්, මහිලන්කුලම්, පෙරියතම්පනේ, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියපන්ඩිවිරිච්චාන්, කොක්තුඩුවායි, අලිමංකඩ සහ ශිවනගර් යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලනාශක බෝම්බ 427 ක්, අත් බෝම්බ 05 ක්, ජිපිඑම්ජි උණ්ඩ 8500 ක් , මිමි 81 මෝටාර් බෝම්බ 05ක්, මිමි 5.0 උණ්ඩ 54 ක්, ආර්පිජි උණ්ඩ 04 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 03ක් සහ අරුල් බෝම්බ 01 ක් සොයාගන්නා ලදි.

නැගෙනහිරඃ එමෙන්ම යුද හමුදා භට පිරිස් විසින් පවක්කුඩිචෙනෙයි ප්‍රදේශයේ තිබී එම්පිඑම්ජි උණ්ඩ 48 ක් එදිනම (09) සොයාගෙන තිබේ.

No comments:

Post a Comment