Tuesday, 5 April 2011

ආරක්ෂක තත්ව වාර්ථාව හා විශේෂාංග 2011 අප්‍රේල් මස 06 දින

උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් සදුදා (04) දින මාලිගයි, මොණරවැව සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලනාශක බෝම්බ 18 ක් සොයාගෙන ඇත.

මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (04) තම්පනායිකුලම්, නාවත්කුලම්, මහිලන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියපන්ඩිවිරිච්චාන්, කොක්කුතුඩුවායි, අඩම්පන් සහ මරුතමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 252 ක්, ආර්පීජී බෝම්බ 03 ක්, අත් බෝම්බ 05 ක්, යුද ටැංකි නාශක බෝම්බ 01 ක්, මිමි 152 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ විද්‍යුත් බෝම්බ 09 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිරඃ එමෙන්ම යුද හමුදා භට පිරිස් විසින් සෝමාවතිය සහ පුනායි යන ප්‍රදේශයන් හී තිබී පුද්ගලනාශක බෝම්බ 7 ක් එදිනම (04) සොයාගෙන තිබේ.

සුභාෂ් හෝටලයේ කලමණාක‍ාර අධ්‍යක්ෂවරයා යුද හමුදාපතිතුමාට සිය කෘතඥතාවය පළ කරයි

යාපනයේ සුප්‍රසිද්ධ සුභාෂ් සංචාරක හෝටල‍ෙය් භුක්තිය නැවත තමා වෙත පැවරීම සම්බන්ධව යුද හමුද‍ාවට සිය කෘතඥතාවය පළකරමින් එහි කලමණාකාර අධ්‍යක්ෂක එස්. හරීහරන් මහතා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරීය මහතා අමතා ලිපියක් එවා ඇත.

යුද හමුදාපතිතුමා පෞද්ගලිකව මේ සම්බන්ධව දැක්වූ උනන්දුව කෙරෙහි ස්තූතිය පුද කරමින් එවන ලද මෙම ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබුණේ තමා මෙම හෝටලයේ කලමණාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් එහි භාරකාරත්වය නැවත 2011 මාර්තු 17 දින යුද හමුදාවෙන් භාරගත් බවය.

යාපනය අර්ධද්වීපයේ රාජකාරියෙහි නියුතු භට පිරිස් රජයේ උපදෙස් අනුව යාපනය නගර අධිආරක්ෂිත කලාපයේ පිහිටි යුද හමුදාව පරිහරණය කල අවසාන පෞද්ගලික ගොඩනැගිල්ල වු මෙම සුභාෂ් හෝටලය නැවත අයිතිකරුවන්ට භාරදීම සඳහා එය 2011 මාර්තු මස 04 දින හිස් කරනු ලැබූහ.

යාපනය නගරයේ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියා උත්සන්නවීම හේතුවෙන් 1995 දෙසැම්බර් මස 02 දින යුද හමුදාව බදු පදනම මත මෙම සුභාෂ් හෝටලය සිය භාරයට ගෙන යුද හමුදාවේ 51 වන සේනාංක මුලස්ථානය එහි ස්ථාපනය කරනු ලැබීය.

එවැනිම ප්‍රසිද්ධ හෝටලයක් වන ඥාණම් හෝටලය ද එහි අයිතිකරුවන්ට පැවරීම අවසන් වීමත් සමගම මෙම සුභාෂ් හෝටලයේ ද තට්ටුවලින් අඩකට වැඩි කොටසක් මීට මාස කිහිපයකට පෙර හිස් කරනු ලැබීය.

Monday, 4 April 2011

ආරක්ෂක තත්ව වාර්ථාව හා විශේෂාංග 2011 අප්‍රේල් මස 05 දින