Monday, 4 April 2011

ආරක්ෂක තත්ව වාර්ථාව හා විශේෂාංග 2011 අප්‍රේල් මස 05 දින

උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් සදුදා (04) දින මාලිගයි, මොණරවැව සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලනාශක බෝම්බ 18 ක් සොයාගෙන ඇත.

මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (04) තම්පනායිකුලම්, නාවත්කුලම්, මහිලන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියපන්ඩිවිරිච්චාන්, කොක්කුතුඩුවායි, අඩම්පන් සහ මරුතමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 252 ක්, ආර්පීජී බෝම්බ 03 ක්, අත් බෝම්බ 05 ක්, යුද ටැංකි නාශක බෝම්බ 01 ක්, මිමි 152 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ විද්‍යුත් බෝම්බ 09 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිරඃ එමෙන්ම යුද හමුදා භට පිරිස් විසින් සෝමාවතිය සහ පුනායි යන ප්‍රදේශයන් හී තිබී පුද්ගලනාශක බෝම්බ 7 ක් එදිනම (04) සොයාගෙන තිබේ.

No comments:

Post a Comment